හන්දි වේදනා
වර්තමානයේ වැඩිමහළු බාල භේදයකින් තොරව බොහෝ දෙනා පීඩා විඳින රෝගයක් ලෙස හන්දිපත් වේදනා දැක්විය හැක. ඉන් දණහිස් වේදනා, උරහිස් වේදනා, තුනටිය කැක්කුම, වළළුකර කැක්කුම හා ගෙල වේදනා ආදිය බහුලව දැකිය හැක.
මෙහිදී අධික කාර්යබහුලත්වය, වෙහෙස මහන්සි වීම, වැරදි ඉරියව් පැවතීම, කාටිලේජ ගෙවී යාම, පෝෂණ ඌණතා, ආහාර වල වස විස ඇට මිදුළු වල තැන්පත් වීම, අස්ථී ඇද වීම හා අස්ථී දිරා යාම යනාදී බොහෝමයක් හේතු සාධක මුල් කොටගෙන හන්දිපත් වේදනා ඇතිවේ. රූමටොයිඩ් ආතරයිටීස්, ඔස්ට්යෝපොරෝසීස් වැනි සන්ධි ආබාධ සඳහා ලොව දැනට භාවිතා වන එකම ප්‍රතිකාරය වනුයේ වේදනා නාශකයි. නමුත් වේදනාව සමනය වීම හැර රෝගය සුව වීමක් ඉන් සිදු නොවේ. එනමුත් හෙළ වෙදකම තුළින් මෙම හන්දිපත් රෝග නිට්ටාවටම සුව කළ හැක. මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ ගෙවී ගිය කාටිලේජ යළි වර්ධනය කිරීම සහ ප්‍රකෘතිමත් කිරීම ද මෙම ප්‍රතිකාර ක්‍රම රටාව තුළින් සිදු වීමයි.
රෝගයක් යනු පෙර අකුසල කර්ම නිසා වන උවදුරක් බැවින් ගුණවන්තව තමන්ගෙන් සිදුවූ අවැඩ අසාධාරණ හිංඟි හිංසා වරද ප්‍රමාද දෝෂයන්ට උතුම් වූ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් කමවත ලබා ගැනීම රෝගය සුව වීමටත්, ඒ සඳහා ලබා දෙන ඖෂධ ප්‍රත්‍ය වීමටත් මහඟු පිටුවහලක් වනු ඇත.
හන්දිපත් රෝග සඳහා අපගේ ප්‍රතිකාර ක්‍රම රටාවන් අතර ඔසු පැන් සහ පෙති වර්ග වලින් අස්ථී සහ ඇටමිදුළු පෝෂණය කරන අතර ගෙවී ගිය කාටිලේජ යළි වර්ධනය කරයි. එමෙන්ම පාවට්ටා වාෂ්පයෙන් තම්බා ගත් දහයියා පොට්ටනි මගින් තවා තෙල් ආලේප කිරීම බාහිරව සිදු කරයි.