ආතරයිටීස්
වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳින රෝගයක් ලෙස ආතරයිටීස් රෝගය දැක්විය හැක. ඉන් දණහිස් වේදනා, උරහිස් වේදනා, තුනටිය කැක්කුම, වළළුකර කැක්කුම හා ගෙල වේදනා ආදිය බහුලව දැකිය හැක. මෙහිදී මූලික වශයෙන් හන්දි ඉදිමුම, හන්දි නැවීමේ අපහසුව යන රෝගී ලක්ෂණ පෙන්නුම් කරයි. ඇඟිලි පුරුක් සිට වැළමිට, උරහිස්, දණහිස්, වළලුකර ඇතුළු සියළු සන්ධි වලට ආතරයිටීස් රෝග තත්ත්වය ඇතිවිය හැක. ඔස්ටියෝ ආතරයිටීස් සහ රූමටොයිඩ් ආතරයිටීස් යනුවෙන් ආතරයිටීස් රෝගය ප්‍රධානව කොටස් දෙකකට බෙදේ. ආතරයිටීස් රෝගයේ මූලික හේතුව වනුයේ අස්ථි අතර ඝර්ෂණය මැඩ පවත්වන කාටිලේජ ගෙවීයාමයි. එවිට අස්ථි එකිනෙක ගැටීම හේතු කොටගෙන හන්දි වේදනා සහ ඉදිමුම ඇති වේ. දැනට ලෝකයේ ආතරයිටීස් සුව කිරීම සඳහා නියමිත ඖෂධයක් සොයාගෙන නොමැති අතර වේදනා නාශක මගින් යම් සහනයක් ලබාදෙයි. එනමුත් හෙළ වෙදකම තුළින් ආතරයිටීස් රෝගය නිට්ටාවටම සුව කළ හැක. අපගේ ප්‍රතිකාර ක්‍රම රටාවේදී ඔසු පැන්, පෙති, චූර්ණ, කල්ක සහ පැණි හාවිතයෙන් කාටිලේජ වලට අවශ්‍ය පෝෂණය ලබාදෙයි. කාටිලේජ යළි වැඩීමට මෙම පෝෂණය වැදගත් වන අතර ක්‍රමයෙන් හන්දි වේදනා සහ හන්දි ඉදිමුම් පහව යයි. ඒ අතරතුරේදී අත්බෙහෙත් ලෙස අට්ටික්කා පොතු වලින් සාදන පත්තුවක් බැඳීමද බාහිරෙන් තෙල් ආලේපයද තැවීමද මෙම ක්‍රම රටාවට ඇතුළත් වේ. රෝගයක් යනු පෙර අකුසල කර්ම නිසා වන උවදුරක් බැවින් ගුණවන්තව තමන්ගෙන් සිදුවූ අවැඩ අසාධාරණ හිංඟි හිංසා වරද ප්‍රමාද දෝෂයන්ට උතුම් වූ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් කමවත ලබා ගැනීම රෝගය සුව වීමටත්, ඒ සඳහා ලබා දෙන ඖෂධ ප්‍රත්‍ය වීමටත් මහඟු පිටුවහලක් වනු ඇත.