ඉස්සර හිටපු මීනිස්සු ගමනක් යනකොට ඇෙඟ් පතේ හයිය තියෙන අය වාරු නැති අයට උදව් කරන සිරිතක් තිබුණා. කඳු හෙල් වල යන විට කෝ අත දෙන්න, හිමින් බහින්න ආදී වශයෙන් වැඩිහිටියන්ට උදව් කරන ගුණයක් තිබුණා. පසුව ඒ් ගුණය පිරිහිලා ගිහින් කොතල හිඹුටු විදියට විශ්වයේ තැන්පත් වුණා. අදටත් ශරීරය වැහැරීම නිසා වන ශරීර දුර්වලතා වලට කොතල හිඹුටු ඖෂධයක් වෙනවා.
මුල් කාලේ හිටපු මිනිස්සු ළඟ සත් බසට ඇලිලා ඉන්න ගති ලකෂණයක් තිබුණා, සත් බස කිව්වේ සත් පුරුෂයන්ගේ කථාව, සද්ධර්මය, පසු කලෙක ඒ විදියට බසට ඇලී හිටින ගති ලකෂණය ඉවත් වෙලා ගිහින් ඒ් ශක්තිය තමයි ඛෙලි ශාකයේ පිහිටියේ
ඉස්සර හිටපු මිනිස්සු ළඟ ඉරියව් මුහු කර ගන්න ගති ලකෂණයක් තිබුණා. ඒ කියන්නේ අනික් අයගෙ ඉරියව්වලට තමන්ගේ සම්බන්ධවීම, උදව් දීම තිබුණා. එහෙම තිබිල පසුකලෙක අනික් මිනිස්සුන්ට උදව් නොදී පැහැර ඇරියා. එු කියන්නේ ඉරියව්වලට මුහු වීමේ ගති ලකෂණයෙන් ඉවත් වුණා. ඒ ගති ලකෂණයට අදාළ ශක්තිය ඉරමුසු විදියට විශ්වයේ පහළ වුණා.
ඒ් කාලේ හිටපු මිනිස්සු ළඟ ප්‍රබෝධමත්ව වැඩ කටයුතු කරන්න පුළුවන් ඉරියව්වලින් වාරුව ගන්න පුළුවන් ශක්තියක් තිබුණා. නමුත් පසුකලෙක කම්මැලිකමට ඉන්න පටන් ගත්තම ඒ විදියට වැඩ කටයුතු කරන ඉරියව්වලින් වාරුව ගන්න ශක්තිය නැතිවෙලා ගිහින් ඉරිවේරිය ශාඛයේ පිහිටියා. අදටත් ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කරන ශක්තිය නැතිවුණාම ඉරිවේරිය ඖෂධයක් වෙනවා.
සමාජයේ තියෙන යහපත් දේවල්, සුද්ධ දේවල් "සා" කියල හඳුන්වනවා. ඒ වගේ යහපත් දේවල්, සුද්ධ දේවල් කෂය කරල දැමීම තමයි කසා කියන්නේ. ඒ තිබුණු සුද්ධ ශක්තිය කහ ශාඛයේ පිහිටියා. අදටත් සුද්ධ කාරකයක් විදියට කහ භාවිතා වෙනවා.
ඒ් කාලේ හිටපු මිනිස්සු කෙනෙක් පෝෂණයෙන් අල්ලලා ආලය පාන ගති ලකෂණයක් තිබුණා. ඒ කියන්නේ කන්න බොන්න දීලා ආලය කරන ගති ලකෂණයක්. ඒක පැවැත්මට උදව් දෙන ශක්තියක්. ඒකත් ඒ කාලේ තිඛිච්ච ගුණයක්. නමුත් පසුකලෙක ආලය කෙරුවත් කන්න බොන්න දීලා පෝෂණය කරන ගති ලකෂණය ඉවත් වුණා. ඒ කියන්නේ අයුතු විදියට කපටිකමට ආලය ලබල පැනල යන ගති ලකෂණයට ආවා. එතකොට කලින් තිඛිච්ච පෝෂණයෙන් අල්ලගෙන ආලය කරන ගති ලකෂණය ඉවත් වෙලා ගිහින් පෝ , අල් , පා , ආල } පොල්පලා විදියට පිහිටියා.
පෙර හිටපු මිනිසුන්ට හොඳට වෙර වීරිය තිබුණා, යම්කිසි කටයුත්තක් කරන්න ගියාම ඒක සාර්ථක කරගන්න ඒ වෙර වීරිය බොහොම ප්‍රයෝජනවත් වුණා, නමුත් කාලයක් යන කොට මිනිස්සු වෙර වීරිය අතඇරලා දැම්මා, ඒ විදියට වෙර ගතිය ඉවත ලු නිසා ඒ අදාළ ශක්තීන් වෙරළු ශාකයේ පිහිටියා.
ඉස්සර අඹුවන් රහිත අයට ආහාරයක් තිබුණා, ඒ කාලේ අඹුවන් රහිතව හිටපු අයට තිඛිච්ච ආහාරය තමයි ධර්මය, ඒ කියන්නේ කාමයන්ගෙන් මත් නොවෙන පැත්ත, වෙනත් විදියකින් කියනවා නම් බ්‍රහ්ම චරියාව, ඒක හොඳ ගති ලකෂණයක්, නමුත් පසු කාලෙක කාමයන්ගෙන් මත් වෙන්න ගත්තාම අඹු රහිත අයට දෙන ආහාරය පිරිහිලා ගියා, ඒ ගති ලකෂණයට අදාළ ශක්තිය තමයි පිටවෙලා ගිහින් රඹුටන් විදියට පිහිටියේ.
ඉස්සර මිනිස්සු ළඟ යම්කිසි විදියකින් ආරනවා කියන ගති ලකෂණයක් තිබුණා, ඒ කියන්නේ නරක දේවල් හැරලා යහපත් විදියට සකස් වෙලා එන ගති ලකෂණයක්, හොඳ චිත්ත ප්‍රසාදෙකින් කටයුතු කරන කොට තමයි එහෙම ආරන ගතියක් වුණත් එන්නේ, හොඳ ගති වර්ධනය වෙනකොට ආරන මෝරන ගතිය කියලත් කියනවා, නමුත් පස්සෙ කාලෙක මිනිස්සු දූෂ්‍ය වෙලා ආරන්නේ නැතුව ගියා, ඊළඟට ආරෙට වැඩ කරන ගති ලකෂණ නැති වෙලා ගියා, ඒ කියන්නේ නරක දේවල් හරින ගතිය නැති වුණා, ඒ ශක්තිය ගමයි නාරං විදියට විශ්වයේ තැන්පත් වුණේ.
පැරණි මිනිසුන් ළඟ තිබුණු ගුණයක් තමයි අනෙකා කෑවද බීවද කියල සොයා බලන එක. ගෙදරට කෙනෙක් ආවත් ඒ ගැන සොයා බලනවා. මූණ බලලා කාලා නෙමෙයි නේද ආවේ ආදී වශයෙන් සොයා බලන ඥානයක් එකල මිනිසුන් ළඟ තිබුණා. නමුත් පසු කලෙක එහෙම අනෙකාගේ කුසගින්න, පිපාසය දකින නුවණ නැතිව ගියා. පාසය, පිපාසය කියන්නේ බඩගින්න, තිබහ කියන හැඟීමට භාවිතා කළ පෙර හෙළ වචන. පාසය, පිපාසය දැනගැනීමේ ඥානය තමයි පි + පි + ඤා - පිපිඤ්ඤා විදියට විශ්වයේ තැන්පත් වුණේ.
පෙර හෙළ බොදුනුවො ළඟ තිබුණු තවත් ගුණාංගයක් තමයි කෙනෙකුගේ ගුණය ඔප දමල වර්ණනා කරන්නට හැකි වීම. අනෙකා පෑ + ඔපය + අල්ලගන්න පුළුවන්කමක් තිබුණා. පසුව මිනිසුන් බොරුවටත් ගුණ කියන්න පටන් ගත් නිසා පෑ + ඔපය + අල්ලගන්න බැරුව ගියා. ඒ ගුණය පැපොල් ශාඛායේ පිහිටියා.
වට්ට කියන්නේ සැරිසරනවා යන්නයි. යහපතට සැරිසැරීම හෙවත් සුගතියේ සැරිසැරීම පෙර කාලයේ විසූ මිනිසුන්ගේ ස්වභාවයක්. ඒ ගතිය අක්‍රීය වුණා නැතිනම් අක්ක වුණ හේතුවේ ඵලයක් හැටියට වට්ටක්කා මෙලොව පහළ වුණේ.
ඉස්සර මිනිස්සු ළඟ තැම්බී ඇලී සිටින ගතියක් තිබුණා. ඒ කියන්නේ මොකක් හරි වේදනාවක් කරදරයක් ආවම දාලා පැනල ගියේ නෑ. ආත්ම විශ්වාසෙන් ධර්මානුකූලව යථා ස්වභාවය දැනගෙන ඒකට මුහුණ දුන්නා. ඒ වේදනාව දරා ගෙන ඉන්න පුළුවන් ශක්තියක් තිබුණා. නමුත් පසුකලෙක වේදනාව වැඩිවෙන ගානට මනුෂ්‍ය සිත් දූෂ්‍ය වුණාම අර විදියට ඇලී ඉන්න පුළුවන් ශක්තිය ගිලිහිලා ගියා. ඒ ගුණය තමයි තැඹිලි ශාඛයේ පිහිටියෙ. අදටත් දාහ සහගත ගතියක් ආවාම තැඹිලි බිව්වාම ඒ දාහය නිවෙනවා.
ඉස්සර කාම ලෝකයේ ලෞකිකව යහපත් විදියට කාම රැඟුම් තිබුණා. ඒ කියන්නේ කාම ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව ප්‍රබෝධමත් රැඟුම්. නමුත් පසුකලෙක මිනිස්සු කාමයට පොරකන්න ගිහින් ද්වේශය වැඩි වෙනකොට ඒ ශක්තිය පිටවෙලා ගිහින් කාමරංකා කියන ශාඛයේ පිහිටියා.
පෙර කාලයේ විසූ මිනිසුන් ළයාන්විතභාවය භුක්ති විඳගෙන ජීවත් වුණා. නමුත් පසු කලෙක ළයාන්විතභාවය තුරන් වෙලා ගිහින් ළයාන්විතභාවය භුක්ති විඳීමේ ගුණය හීන වුණා. ඒ ගුණය තමයි ලබු විදියට විශ්වයේ තැන්පත් වුණේ. හිරවෙලා නමන්න බැරිව තියෙන හන්දිපත්, අත්, පා වල තද ගතිය නැති කරන්න ලබු භාවිතා කරනවා.
පෙර කාලයේ විසූ මිනිසුන්ගේ හදවතේ කාන්තිමත් ගතිය කෙමෙන් අඩු වෙලා සුළු වශයෙන් කාන්තිමත් ගතිය ඉතිරි වුණු කාලයක් තිබුණා. පසු කලෙක දුර්ජන ගති මතු වෙලා සුළු වශයෙන් තිබුණු කාන්තිමත් ගතියත් දුරු වෙලා ගියා. ඒ ගුණය තමයි සූදුරු ශාඛයේ පිහිටියෙ.
ගුණ මහත් කියල වචනයක් සමාජයේ තියෙනවා. මිනිසුන් තුළ තිබූ ගුණ මහත්මය දුරු වෙලා ඒ ශක්තිය විශ්වයේ තැන්පත් වුණේ මාදුරු ශාඛය විදියටයි.
පෙර කාලයේ විසූ මිනිසුන්ගේ හදවතේ කාන්තිමත් ගතියක් තිබුණා. කාන්තිමත් බවට කියන තවත් නමක් තමයි කළු කියන්නේ. නමුත් පසුකාලීනව ඒ කාන්තිමත් ගතිය කෙමෙන් අඩු වෙන්න පටන් ගත්තා. ඒ ශක්තිය තමයි කළුදුරු විදියට විශ්වයේ තැන්පත් වුණේ.
මුල් කාලේ හිටපු මිනිස්සුන්ට අතපය හොල්ලන්නේ නැතිව නිකං සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ශක්තියක් තිබුණා. ඒ කියන්නේ මිනිස්සු ළඟ තිබුණු ගුණය නිසා ජීවත් වෙන්න අවශ්‍ය සම්පත්තිය ඇති තරම් තිබුණා. එතකොට මුල් කාලේ අස්ථි ක්‍රියා කරවන්න ඕන වුණේ නෑ. ඒ නිසා අස්ථි අක්‍රීය වෙලා තිබුණේ. නමුත් පසුකලෙක මිනිස්සු ගුණයෙන් හීන වෙනකොට ඒ සම්පත්ති පිරිහිලා ගියා. එතකොට කලින් වගේ නිකං ඉඳගෙන සුඛෝපභෝගීව ජීවත් වෙන්න බැරි වුණා. අස්ථි ක්‍රියා කරවල වෙහෙස මහන්සි වෙලා වැඩපළ කරන්න වුණා. එතකොට අර මුලින් තිබිච්ච අස්ථි අක්‍රීය ගතිය නැතිවෙලා ගිහින් අට්ටික්කා විදියට ලෝකයේ පහළ වුණා. අදටත් හන්දි අමාරු වලට අට්ටික්කා ඖෂධයක් වෙනවා.
ඉස්සර සමාජයේ යමක් උගන්වන්න ගුරු වෙච්ච අය හිටියා. අද වගේ පොතපත ආශ්‍රයෙන් නෙමෙයි තමන් සතු ආධ්‍යාත්මික ශක්තියකින් යමක් උගන්නන්න, ගුරුහරුකම් දෙන්න පුළුවන් අය. එතකොට සමාජයේ මිනිස්සුත් ඒ අය ගුරුකමට ගත්තා. නමුත් පසු කාලීනව ඒ් අය ගුරුකමට නොගෙන හිටියා. ගුරුකමෙන් ඇහැල දැම්මා. ඒ අයගෙ ගුරුහරුකම් පිළිගන්නේ නැතිව ගියා. ඒ ශක්තිය පිට වෙලා ගිහින් උගුරැස්ස ශාඛයේ තැන්පත් වුණා.
පෙර කාලයේ විසූ මිනිසුන් ළඟ තිබුණු මහා ගුණයක් තමයි අනෙකෙක්ට කරදරයක් වුණාම ඒ ගැන හිතල ළය උණු වන ස්වභාවය. අනේ ඒ මනුස්සයට මෙහෙම දෙයක් වුණානෙ ආදී වශයෙන් ළය උණු වන ස්වභාවයක් තිබුණා. පසු කාලීනව ඒ සුද්ධ ගතිය නැති වෙලා ගිහින් අනුන්ට හෙණ ගැහුවත් කමක් නෑ කියන්නා වූ තත්ත්වයට මිනිසුන් පත් වුණා. තමන් තුළ තිබුණු ඒ සුද්ධ ළය උණු වන ගුණය විශ්වයේ තැන්පත් වුණා. ඒ ගුණය තමයි සුදු ළුෑණු කියන ශාඛයේ පිහිටියෙ. ඉතින් අදටත් ලෝකයේ හදවත සම්බන්ධ රෝග වලට සුදු ළුෑණු ඖෂධයක් විදියට භාවිතා වෙනවා.
ඉස්සර හිටපු මීනිස්සු ගමනක් යනකොට ඇෙඟ් පතේ හයිය තියෙන අය වාරු නැති අයට උදව් කරන සිරිතක් තිබුණා. කඳු හෙල් වල යන විට හා හා අත දෙන්න, ආ අත ආදී වශයෙන් නැති බැරි අයට වාරුව ගන්න අත දීමේ ගති ලකෂණයක් මුල් කාලේ තිබුණා, ඉරියව් කි්‍රයාත්මක කරන්න වාරුව ගන්න කියන එක තමයි ඒකෙන් කියන්නෙ, පසුව එA ගුණය පිරිහිලා ගිහින් විශ්වයේ තැන්පත් වුණා. ඒ හා + අත + වා + ඉරිය - හාතවාරිය ලෙස අදටත් ශරීරය දුර්වල අයට හාතවාරිය කැඳ හොඳ ඖෂධයක් වෙනවා.
ඒ වගේම ඉස්සර හිටපු මීනිස්සු ළඟ පිළිකුල් දේවල් වලට තිත තියන ගති ලකෂණයක් තිබුණා, ඒ කියන්නේ යම් දෙයක් නැවැත්වීම කියන අදහස, පිළිකුල් දේවල් නවතා තබන ශක්තියක් තමයි මුල් කාලේ තිබුණේ, නමුත් පසුකලෙක පිළිකුල් දේවල් වලට ලැජ්ජාවක් බයක් නැති තත්ත්වෙට පත් වුණා, ඒ් ගුණය මිනිසුන් ළඟින් පිරිහිලා ගිහින් තිප්පිලි ශාකයේ තැන්පත් වුණා. අදත් යම්කිසි අජීර්ණ, මුත්‍රා අමාරු වලට තිප්පිලි විශේෂයෙන් ගුණයි, ඒ වගේම තිප්පිලි කරල් බැදල කුඩු කරල අරගෙන ඒ කුඩු පැසවපු තුවාල වලට දැම්මම තුවාල වේලිලා සමනය වෙනවා.
අසම වූ දේවල් උදා කරගන්න ඔසව ගන්න ගති ලකෂණයක් මුල් කාලේ මිනිසුන් ළඟ තිබුණා, ඒ කියන්නේ බුදුදහම වගේම විශේෂ උතුම් දේවල් තමයි ඒ විදියට උදා කරගත්තේ, ඔසව ගත්තේ, වෙනත් විදියකින් කියනවා නම් තමන්ගේ ජීවිතයට ගු=ණ උදා කරගත්තා, නමුත් පසු කලෙක ඒ ගති ලකෂණය ගිලිහිලා ගියා, එතකොට ඒකට අදාළ ශක්තිය ගිහින් අසමෝදගම්වල පිහිටියා, අදත් අසමෝදගම්වල ඇඟට අගුණ දේවල් අහක් කරල ගුණදායක දේවල් ඉතිරි කරල දෙන ශක්තියක් තියෙනවා, ඒ නිසා උදරය අසම වුණාම නැත්තන් බඩේ අජීර්ණ වලට අසමෝදගම් ඖෂධයක් වෙනවා. ඒ වගේම මොළේ වැඩෙන්න ශක්තියකුත් අසමෝදගම්වල තියෙනවා.
මුල් කාලේ හිටපු මිනිස්සු ළඟ ගෙදරට අමුත්තෙක් ආවාම සාදරයෙන් පිළිගන්න ගති ලකෂණයක් තිබුණා, පත් + ආ + වඩ ගන්නවා කියන්නේ ගෙදරට ආපු කෙනාට එන්න ඇවිත් වාඩිවෙන්න කියල පා අඩක් පිළිගන්න ගති ලකෂණය, පා අඩක් ගත්තාම අඩක් ඛිම තියනවා, අනික් අඩ පුටුව උඩ තියනවා, කකුල් දෙක දණහිසෙන් පහළට එක අඩක්, අනෙක් අඩ දණහිසෙන් උඩ, ඒ කියන්නේ ඉඳගන්න දෙනවා, ආගන්තුක සත්කාරය තමයි මේ කියන්නේ, නමුත් පසුකලෙක ඒ ගති ලකෂණය පිරිහිලා ගිහින් ඒකට හිමි ශක්තිය පත් + පා + අඩ + ගම් - පත්පාඩගම් ශාඛයේ පිහිටියේ.
සහ ආලේ හෙවත් සහලේ කියන්නේ කියන්නේ තමන්ගේ පිරිස, ඒක තමයි කාලයක් යද්දි ව්‍යවහාරයෙන් සහල - සහල් -හාල් බවට පත් වුණේ, ඉස්සර හිටපු මිනිස්සු ළඟ තමන්ගේ හිතවතුන්ට ඇලිල ගැලිල උදව් උපකාර කරන ගති ලකෂණයක් තිබුණා, උලනවා කියන්නේ කියන්නේ යම් කිසි තැනක ඇලී ගැලී ඉඳීම, අවංකව ආලය කරන, ඇලිල ගැලිල කටයුතු කරන පිරිසක් හිටිය නම් ඒ අය ආවේ ගියේ වාඩ කටයුතු කළේ එකට, නමුත් පසු කලෙක අසමඟිය වැඩිවෙලා ඇලිල ගැලිල ආලය කියන එකත් ආත්මාර්ථකාමීත්වයෙන් ගන්න ගියාම, ඒ ගති ලකෂණය ඉවත් වුණා, එතකොට උදව් උපකාර කරන, එකට වැඩ කරන ගති ලකෂණයත් නැතිවෙලා ගියා, ඒකෙන් වෙහෙස මහන්සිය වැඩි වුණා, ඒ ගති ලකෂණයට අදාළ ශක්තිය තමයි උළුහාල්වල පිහිටියේ, අදත් වෙහෙස මහන්සිය වැඩි වුණාම ඇෙඟ් පතේ මහන්සියට උළුහාල් තම්බලා දෙනවා.
මුල් කාලේ හිටපු මිනිස්සු ළඟ තමන්ගේ වේණිය වැළඳගෙන ගැට ගැහෙන ලකෂණයක් තිබුණා, වේණිය කියන්නේ පරම්පරාවෙන් ආපු යහපත් ගති ලකෂණ, ඒකෙන් අහකට යන්නේ නැතිව ගැට ගැහිල ඉන්න ගති ලකෂණයක් තමයි මුල් කාලේ තිබුණේ, නමුත් පසු කාලෙක පර වැඩ වලට හිත ගියාම තමන්ගේ වේණිය වැළඳගෙන ගැට ගැහිල ඉඳීමේ ගති ලකෂණයත් ඉවත් වුණා, තමන්ගෙ පරම්පරාවෙන් ගෙනාපු සිරිත් විරිත් අත හැරල දැම්මා, එතනොට ඒ පරපුර කඩ වෙලා ගියා, ඊට පස්සේ නිකං බාහිර කරදරවලින් තැලෙන්න, බැට කන්න පටන් ගත්තා, ඒ විදියට ගිලිහිලා ගියපු ශක්තිය තමයි වෙනිවැල්ගැට වල පිහිටියේ, අදත් ශරීරයේ ඇතිවන්නා වූ කැක්කුම් තැලීම් බැටපහර වලට හොඳ ඖෂධ ශක්තියක් වෙනිවැල්ගැට වල තියෙනවා.
ඉස්සර හිටපු මිනිස්සු ළඟ හොඳ යහපත් දේවල් තෝර තෝර ගන්න ගති ලකෂණයක් තිබුණා, ඒ ගති ලකෂණය ඈ ත් වෙලා ඒකට හිමි ශක්තිය තමයි තෝර කියන ශාඛයේ පිහිටියේ, එතනදිත් යහපත් ගුණ ධර්ම වගේ ප්‍රණීත දේවල් තෝරා ගැනීමේ ගති ලකෂණය ඉවත් වෙලා ගිහින් පැ‚තෝර ලෙසත්, ඇති දේවල් හෙවත් මිල මුදල් ධන ධාන්‍ය ආදී සම්පත් නිවැරදිව තෝර ගන්න ගති ලකෂණය ඉවත් වෙලා ගිහින් ඇත්තෝර ලෙසත් හට ගත්තා.
තමන්ට උදව් උපකාර කරන තමන්ගේ හිතවතුන් කෝ කියල හොයල බලන ගති ලකෂණයක් මුල් කාලේ මිනිස්සු ළඟ තිබුණා, අඹ කියන්නේ හිතවත්කම, කොහේ හරි ගියාමත් ඒ තියෙන් හිතවත්කමට කෝ කෑවද, ඛිව්වද, කොහෙද, ආදී වශයෙන් හොයල බලනවා. නමුත් ඒ ගති ලකෂණයත් පසු කාලෙක අහක් වෙලා ගිහින් ඒකට හිමි ශක්තිය තමයි කෝ + හෝ + අඹ - කොහොඹ ශාඛයේ තැන්පත් වුණේ.
අතීතයේ මිනිසුන් තුළ පැවති පංච කාමයට නොඇලී සිටීමේ ගුණය පිරිහී ගොස් ඒ ගුණය නෙල්ලි ශාකයේ තැන්පත් විය. අදටත් පංච කාමය ලොල් වීම මුල් කරගෙන සෑදෙන රෝග වලට නෙල්ලි ප්‍රත්‍ය ඖෂධයක් වේ.
අතීතයේ මිනිසුන් තුළ සත් බසට අනුව ක්‍රියාකිරීමේ ගුණයක් පැවතීය. ඔවුන් සත්පුරුෂයන්ගේ බසට අනුව තම ජීවිතය පවත්වාගෙන ගියහ. නමුත් පසුකලෙක සත් බස ඉවත දමා යටපත් කර දැමූ නිසා එම ගුණය මිනිසුන් කෙරෙන් ඉවත්ව බුළු ලෙස විශ්වයේ තැන්පත් විය.
හරය ඉවත ලූ යන අර්ථයෙන් අරළු යන නම යෙදේ. මෙහෙදී හරය යන්නෙන් අදහස් කරන්නේ සාර්ධර්මයි. දස අකුසලයට ලොල්ව සාරධර්ම ඉවත ලූ නිසා එම ගුණය අරළු විදියට විශ්වයේ තැන්පත් විය. සාරධර්ම ඉවත් කිරීම හේතු කොටගෙන සෑදෙන්නා වූ යම් රෝගයක් වේද එම රෝගයට අරළු ඖෂධයක් වේ.
ish¿u ysñlï weúßKs - 2017