සෙම් රෝග
ප්‍රධාන රෝග මූල තුන වන වා, පිත්, සෙම් මගින් ශරීරයෙහි සමතුලිතතාව රඳා පවත්වා ගනිමින් ශරීරයෙහි නිරෝගීතාව තහවුරු කරයි. නමුත් කර්මානුරූපීව, පරිසර ස්වභාවයන් මත හා ආහාර චර්යා රටා අනුව වා, පිත්, සෙම් අසමතුලිතතව රෝග වැළඳිය හැක. ඉන් සෙම මුල් වී සෑදෙන රෝග මෙහිදී සැලකිල්ලට ගැනේ.
පංච කාම ආස්වාද අම ලෙස නැතිනම් අමෘතය ලෙස සේවනය කිරීම, ඇසුරු කිරීම සෙම් රෝග පීඩා ඇති වීමට හේතු කාරණා වේ. එබැවින් මෙලොව වසන අපි සියළු දෙනාම සෙම් රෝග වැළඳීමට හේතු සකසා ඇත්තෙමු. සෙම් රෝගයන්හිදී මූලිකව පීනස ඇදුම රෝග නිට්ටාවටම සුව කිරීමට අපහසු බව සමාජගතව ඇත. නමුත් හෙළ වෙදකම තුළින් මෙම සෙම් රෝග නිට්ටාවටම සුව කළ හැක.
මෙම රෝග වැළඳීමට හේතු සාධක, පෙර කල අකුසල කර්ම පිළිබඳ සලකා බලන කල පිය ගුණය නැසූ හේතුවෙන් පීනස් රෝගය වැළඳීමට හේතු වන බවද උම යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මවට ඇද කළ නිසාවෙන් ඇදුම රෝගය වැළඳීමට හේතු වන බවද දැක්විය හැක. උපන් මොහොතේ පටන් තමන් හට කවා පොවා ඇති දැඩි කළ, පෝෂණය රකෂණය සැලසූ දෙමව්පියන් ඔවුන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් අප වෙනුවෙන් කැප කර ඇත්තේ ඔවුන් තුළ පැවති ගුණවන්තභාවය නිසාවෙනි. වැඩිවියට එළඹි කළ එම ගුණයන්ට පහර ගැසීම මෙම රෝග වලට හේතු කාරණා වන්නේය. එබැවින් ගුණවන්තව තමන්ගෙන් සිදුවූ අවැඩ අසාධාරණ හිංඟි හිංසා වරද ප්‍රමාද දෝෂයන්ට උතුම් වූ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් කමවත ලබා ගැනීම රෝගය සුව වීමටත්, ඒ සඳහා ලබා දෙන ඖෂධ ප්‍රත්‍ය වීමටත් මහඟ= පිටුවහලක් වනු ඇත.
සෙම් රෝග සඳහා අපගේ ප්‍රතිකාර ක්‍රම රටාවන් අතර ඔසුපැන්, පෙති, චූර්ණ, තෙල් සහ අත් ඛෙහෙත් රටාවන්ද ඇතුළත්ය. මෙහිදී හිසට තෙල් දැමීමෙන් සහ අත් ඛෙහෙත් ලෙස පස් පැඟිරි කොළ තම්බා දුම් ඇල්ලීමෙන් හිසෙහි තැන්පත්ව ඇති අතිරික්ත සෙම බුරුල්ව කැස්සෙන් සොටු දියර මගින් පිටවන අතර අරිෂ්ඨ, පෙති, චූර්ණ මගින් සිරුර පුරා අනවශ්‍ය ලෙස තැන්පත්ව ඇති සෙම මළ මාර්ගයෙන් පිට කරනු ලබයි. එම නිසා මෙම ප්‍රතිකාර මගින් සෙම් රෝග නිසා වූ අතුරු ආබාධ වන හිසේ කැක්කුම, හිස තද වන ගතිය, හිස බර ගතිය, කිවිසුම් යාම, සොටු දියර ගැලීම, නාසය අවහිර වීම, හුස්ම ගැනීමේ අපහසුතා යනාදී සියළු අතුරු ආබාධ ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගොස් සෙම් රෝගය නිට්ටාවටම සුව වේ.