දියවැඩියාව
අද කාලයේ බාල මහළු භේදයකින් තොරව බහුලව දක්නට ලැබෙන, සුව කළ නොහැක නමුත් පාලනය කළ හැකි ලෙස සම්මත රෝගයක් ලෙස දියවැඩියාව සැලකිය හැකිය. ශරීරයේ පැවතිය යුතු ඉන්සියුලින් මට්ටම 80-120 අතර පැවතිය යුතු ලෙස අර්ථ ගන්වා ඇති අතර ඉන්සියුලින් මට්ටම අඩු වීම හා වැඩි වීමද දියවැඩියාවේ ලක්ෂණ වේ. සාමාන්‍ය ජනයා අතර ඇඟේ සීනි මට්ටම ඉහළ යාම ලෙස මෙය ප්‍රචලිත වී ඇත. ශරීරයට ලැබෙන පෝෂණ කොටස් නිසි ලෙස ශරීරය තුළ බෙදා හැර ශරීරයේ පවතින ඉන්සියුලින් මට්ටම පාලනය කරනු ලබන්නේ අග්න්‍යාශය මගිනි. අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වයේ ගැටළු හේතු කොටගෙන ශරීරය තුළ මෙම පෝෂණ කොටස් නිසියාකාරව බෙදා හැරීමේ ක්‍රියාවලිය අඩාල වීම නිසා ඔබ දියවැඩියා රෝගයට ගොදුරු වේ. මෙහිදී අග්න්‍යාශය අකර්මර්ණය වීමට ප්‍රධාන හේතු ලෙස 1. ජාන වලින් පැවත එන අග්න්‍යාශයේ දුර්වලතා 2. වස විස තැන්පත් වීම නිසා අග්න්‍යාශයේ වන දුර්වලතා 3. අග්න්‍යාශයට අවශ්‍ය පෝෂණය, ශක්තිය නිසියාකාරව නොලැබීම නිසා 4. අග්න්‍යාශයට මෙම ක්‍රියාවලිය සඳහා උපකාරී වන පරිවාර ඉන්ද්‍රියයන්ගේ ගැටළු වැනි කරුණු හුවා දැක්විය හැක. මෙහිදී මූලිකව අපගේ ප්‍රතිකාර ක්‍රම රටාව තුළින් රෝග මූලය හඳුනාගෙන අග්න්‍යාශයට අවශ්‍ය පෝෂණය ලබා දී අකර්මර්ණය වී තිබූ ඉන්ද්‍රියන් යළි ප්‍රකෘතිමත් කොට ශරීරය තුළ පෝෂණය නිසියාකාරව බෙදා හැරීමට හැකි පරිදි සකසා දෙනු ලබයි. එමගින් ඉන්සියුලින් මට්ටම පාලනය කිරීමක් හෝ ඒ මට්ටම අඩු කිරීමක් සිදු නොකරන අතර ස්වභාවයෙන්ම ඉන්සියුලින් මට්ටම නියමාකාරයෙන් පවත්වාගෙන යාමට ඔබට අවැසි පෝෂණ ඌණතාවන් ඖෂධ මගින් ලබා දෙනු ලබයි. අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු ප්‍රතිකාර නැවැත්විය හැකි අතර හෙළ වෙදකමේදි දිය වැඩියාව නිට්ටාවට සුව වීම යනු මෙම ක්‍රමවේදයයි. දියවැඩියාව යනු කර්මානුරූපී රෝගයකි. එනිසා තමන් අතින් අනන්ත සංසාරයේ අනුන් හට සිදුවූ අවැඩ අසාධාරණ වලට වන්දි ගෙවා නිදහස් වීම උදෙසා බුද්ධ පූජාවන් හා සහ සම්බන්ධ වෙමින් හැකි තාක් දනට පිනට යොමු වෙමින් ගුණවන්තව වාසය කරමින් ඖෂධ ලබා ගැනීම දියවඩියාව සුව වීමට මහඟු උපකාරයක් වේ.